Amith Pussella
නුගේගොඩ සැසිප් අධ්‍යාපන ආයතනය සහ IUHS නාලන්දා සරසවිය යන ආයතන දෙකෙහිම නිර්මාතෘවරයා මෙන්ම ආයතන දෙකෙහිම වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය අමිත් පුස්සැල්ල මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ වසර 30 කට ආසන්න අත්දැකීම් සම්භාරයක් සහිත ප‍්‍රවීණතම දේශකවරයෙකි. කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල වැඩිම සිසුන් පිරිසක් සරසවි ප‍්‍රවේශය ලබන භෞතික විද්‍යා පාඨමාලාව ලෙස පුරා දශක 3 කට ආසන්න කාලයක් විරුදාවලිය ලැබූ අති විශිෂ්ට පාඨමාලාවක් දැයට තිලිණ කරන්නට සමත් වූ එතුමා දිවයිනේ වැඩිම සිසුන් ප‍්‍රමාණයකට ඉගැන්වීමට වරම් ලැබූ වර්තමානය තුල ක්ෂේත‍්‍රයේ සිටිනා දේශකයන් කිහිපදෙනා අතර ප‍්‍රමුඛතම ස්ථානයක පසුවෙනවා. ඉතා විශිෂ්ට මට්ටමේ අංග සම්පූර්ණ ප‍්‍රායෝගික පරීක්ෂණ මාලාවක්, SAP Exams පෙරහුරු විභාග ක‍්‍රමයක් සහිත මෙම පාඨමාලාව සිංහල මෙන්ම ඉංග‍්‍රීසි මාධ්‍ය සිසුන් දෙපිරිසටම සහභාගී වී ඉහලම ප‍්‍රතිඵල දිනාගත හැකි පාඨමාලාවකි. ඉංග‍්‍රීසි මාධ්‍ය සිසුනට අවශ්‍ය අදාල නිබන්ධන සහ වෙනත් පහසුකම් රැසක් මෙම පාඨමාලාව හරහා ලැබෙන නිසා බොහෝ ඉංග‍්‍රීසි මාධ්‍ය සිසුන් මෙම පාඨමාලාව හදාරන්නට පෙලඹී සිටීම විශේෂත්වයක්. නුගේගොඩ සැසිප් සහ ගම්පහ ඉන්දීප යන ආයතන දෙකෙහිම මේ පාඨමාලාව පැවැත්වෙන අතර Online සහ Physical යන ඕනෑම ආකාරයකින් සම්බන්ධ වීමට හැකි නිසා රටේ ඕනෑම ප‍්‍රදේශයක සිටිනා දරුවකුහට පහසුවෙන්ම මේ පාඨමාලාව සදහා සහභාගී වීමට හැකියාව පවතිනවා.