Ranjan Wickramasekara
කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ශිල්ප හදාරා, කොළඹ ඇක්වයිනාස් විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්ම ඩිප්ලෝමාව ලබා (1984) ජාතික වැවිලි ව්‍යාප්තිකරණ ඩිප්ලෝමාව (N.I.P.M) පොත් තැබීම සහ වැවිලි ගණකාධිකරණය සහතිකය හිමිකරගෙන ඇති ඔහු කොළඹ ඇක්වයිනාස් විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත. ජාතික පාසලක කෘෂි විද්‍යාව භාර ආචාර්යවරයා ලෙස කටයුතු කර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාව විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස ද සේවය කර, වසර 36 ක් පෞද්ගලික උසස් පෙළ කෘෂි විද්‍යාව පන්ති පවත්වා දූ පුතුන් විශාල පිරිසකට සරසවි වරම් ලබා දුන් අයෙකි.